කථානායකවරයා පිළිතුරු නොදී මාධ්‍යවේදීන් මගහැර යයි

Local

Karu Jayasuriya

අමෙරිකානු සමාගමකින් වැටුප් ලබන සේවකයෙකු කථානායකවරයාගේ සේවයට යොදවා ඇති බව ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

ප්‍රසාද් කාරියවසම් නමැති පුද්ගලයෙකුට මෙලෙස අමෙරිකානු සමාගමකින් වැටුප් ගෙවන බවටත් පාර්ලිමේන්තුව තුළ ඔහු සිදු කරන කාර්යභාරය කුමක් ද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රශ්න කළේ ය.

කථානායකවරයා ඊට පිළිතුරු දෙමින් පැවසුවේ, අනෙකුත් රටවල් සමග කටයුතු කිරීම පිළිබඳවත්, විදෙස් රටවලින් ශිෂ්‍යත්ව ආදිය ලබා ගැනීම සඳහාත් ඔහු තමන්ට සහය දක්වන බව ය.

කෙසේ වෙතත් අද මාධ්‍යවේදීන් කථානායකවරයාගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු ඊට පිළිතුරු ලබා නොදී මාධ්‍යවේදීන් මගහැර ගියේ ය.


READ MORE:  පාස්කු ප්‍රහාරය ගැන සාක්ෂි දෙන්න අගමැති අගෝස්තු 06 විශේෂ කාරක සභාව හමුවට