සියල්ල උඩු යටිකුරු කරමින් සිංහයන් කොදෙව්වන්ට එරෙහිව විශිෂ්ට ජයක් වාර්තා කරයි

Sports

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය ‌‌‌කොදෙව් කණ්ඩායම අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයක් වාර්තා කළේ ය.

තරගය‌ේ කාසියේ වාසිය හිමි කර ගත් බටහිර ඉන්දීය ‌ක‌ොදෙව්වන් ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.

ඒ් අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 338ක් රැස් කළේ ය.

කලකට පසු අගනා පති හරඹයක නියැලුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු‌‌ව‌ෝ යළි ලකුණු අතරට පැමිණියහ.

ශ්‍රී ලංකාව ‌ව‌ෙනුවෙන් අගනා පිතිහරඹයක නියැලුණු අවිශ්ක ප්‍රනාන්දු ලකුණුු 104ක් රැස් කළේ ය.

කුසල් ජනිත් පෙරේරා ලකුණු 64යි.

ලහිරු තිරිමාන්න ලකුණු 45ක් රැස් කළේ ය.

පන්දු යැවීමේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ‌ජේසන් හෝල්ඩර් කඩුලු 2ක් බිඳ දැමුවේ ය.

ලකුණු 339ක ඉලක්කයක් කරා හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව්වන්ට රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 315ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන්ට එක පිට එක පහර එල්ල කරමින් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නිකොලස් පූරන් ලකුණු 118ක් රැස් කළේ ය.

බොහෝ කලකට පසු පන්දු යැවූ ඇන්ජලෝ මැතිව්ස් යොමු කළ පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම නිකලොස් පූරන්ව ක්‍රීඩාගාරයට හරවා යැවිණි.

පූරන්ගේ කඩුල්ල දවා ගන්නා තෙක්ම තරගයේ වැඩි වාසිය ගොස් තිබුණේ කොදෙව්වන්ට ය.

සියල්ල කණපිට පෙරළමින් මැතිව්ස් යොමු කළ පන්දුවාරය සමස්ත තරගයම උඩු යටිකුරු කළේ ය.

ඒ් අනුව කොදෙව්වන්ට පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් පමණක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 315ක් පමණි.

ලසිත් මාලිංග කඩුලු 3ක් බිඳ දැමුවේ ය.


READ MORE:  ලෝක කුසලානය 2019: දකුණු අප්‍රිකාවට පරාජය වීමෙන් පසු ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසිය හැකිද ?