අසිරිමත් ඇසළ පෙරහර මංගල්ලය අගෝස්තු 02 ආරම්භ විමට නියමිතය

Religious

Kandy Esala Perahera

මෙවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය හෙට (02) දිනයේ සිට ආරම්භ විමට නියමිතව ඇත.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ හෙට අළුයම කප් සිටුවිමෙන් මෙවර ඇසල පෙරහැර ආරම්භ වන බවයි.

ඇසල පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව සඳහා පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ 8000කට අධික පිරිසක් යෙදවිමට නියමිතව ඇත.


Kandy Esala Perahera

දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්ලය දෙස් විදෙස් නරඹන්නන්ගේ නෙත් සිත් ඇද බැඳ ගන්නා අසිරිමත් මංගල සම්මත පෙරහර මංගල්ලයකි. මෙකි පෙරහැර ආරම්භ වූයේ කිත්සිරිමෙවන් රජු (ක්‍රි.ව 301-328) දවස දළදා වහන්සේ ලක්දිවට වැඩම වීමත් සමඟය. මහාවංශයේ සඳහන් වන අයුරු රජ තෙමේ නව ලක්ෂයක් දන විසඳා දළදා මහ පෙරහර කළේයි. අවුරුදු පතා අභයගිරි විහාරයට වඩා ගෙන ගොස් දන්ත ධාතුවට මෙබඳු පූජා කරවයි. නියෝග කළේය යන්නෙන් එය සනාථ වෙයි. පාහියංගේ දේශාටන වාර්තාවෙහි රජතෙමේ තුන් වන මස මැදදී දී (ඇසළ මස) බුදුරජාණන් වහන්සේගේ දළදාව පෙන්වනු ලැබේ. මෙයට දින දහයකට පෙරාතුව කීමෙහි බිනීමෙහි දක්ෂ මිනිසකු රජ ඇඳුම්, පැළඳුම්, හඳවා පළඳවා, මොනවට සැරසූ ඇතක්හු පිට නඟවා නුවර හැවිද අණ බෙර ගසා මෙසේ කියන්ට සලස්වයි. බෝසතාණන් වහන්සේ අසෙකි කපක් මහත් වැර වඩා පෙරුම් පිරූ සේක. සිය සැප පහසු නොතකා සිය රජය ද, සිය බිසව ද, දරුවන් ද, දන් දුන් සේක.

තමන් ඇස් උගුල්ලා එය ඉල්ලා ආවුනට දුන් සේක……. අද සිට දස දිනකින් ඒ බුදු රදුන්ගේ දළදාව එළියට වැඩමවා අභයගිරි වෙහෙරට පමුණුවනු ලැබේ. පින් කැමති සියල්ලෝ මග සම කෙරෙත්වා. කොවේ, මහවේ සරසත්වා. පුද පිණිස මල් හා සුවඳ පිළියෙල කෙරෙත්වා යනුවෙන් කෙරෙන විස්තරයෙන් එදවස ඇසළ පෙරහැර සංවිධානය වු ආකාරය කියවෙයි.

මෙසේ අනුරපුර කිත්සිරිමෙවන් මහ රජුගේ පටන් ලක්දිව සියඵ රජවරු, සතුරු ආපදා සම්පන්න අවස්ථාවන්හි හැර, අන් හැම විටම, දළදා පෙරහැර මනාසේ බැතියෙන් පැවැත්වූහ. පොළොන්නරු සමයේ මහා පරාක්‍රබාහු රජු විසින් ද යටකී පරිදි මහා වංශයේ සඳහන් වන අයුරු රජ ගෙදර පටන් යොදනක් තැන් මඟ අතුල් තලයක් සෙයින් සමතලා කරවා සියලූ සතුන්ගේ වැඩෙහි ඇලුනේ හැම තැන්හි සිතියම් දරන්නා වු ලෝකානන්ද හේතු වු තොරන් කරවා තොරන් යට නන් කුසුම් එලෙන විසිතුරු වර්ණ පෙරම්පරා ඇති පුල් වියන් පැළලි බඳවා, තොරන් ටැම් එකක් පාසා නන් වනින් වසා බැඳ ඒ ටැම් මුදුනුත් ඡත්‍රචාමර පන්තීන් හා නානා පුෂ්ප කලාපයන් ද, විසිතුරු කොඩියෙන් ද, පුජාවට සුදුසු අන්‍යවු දෙයින් ද සරසා මාර්ගයාගේ උභය පාර්ශවයත් පළදරන තැඹිලි, කෙසෙල්, පුවක් පොල් ගස් ආදියෙන් හොබවාම නාමල් කළසින් හා පුන් කළසින් ද සරසවා ත්‍රීදශේන්ද්‍රයාගේ සුදුසුන් වෙය සෙයින් මාර්ගාමාර්ග දෙක්හි විචක්‍ෂණ වු රජතෙමේ මාර්ගයන් අලංකාර කරවා දළදා ගෙදොර මාලකයන් අලකා නුවර සේ සත් පුරුෂයන් සතුටු කිරීමෙහි හැකි වු චතුර රජතෙමේ ජනයන් පිනවමින් නොයෙක් පහන් දහසුන්ගේ අලූයෙන් හාත්පස සියළු දිගුන් හා එසේම විදිසාවෙන් එකළුකොට ඡත්‍රචාමර පන්තීන් ද, විචිත්‍රධජ පන්තීන් ද, නානා වර්ග පතාකාදියෙන් ද, සියලූ අහස් කුස වසමින් ඇතුන්ගේ කුංචනාදයෙන් ද, අසුන්ගේ හේසා රාවයෙන් ද, රථයන්ගේ චක්‍රනාදයෙන් ද, භෙරීන්ගේ භාන්ධාකාරයෙන් ද, සියලූ මංගල සංඛයන්ගේ මනෝහර ශබ්දයෙන් ද, කාහලයන්ගේ ශබ්දයෙන් ද, වන්දීන්ගේ ජය ඝෝෂාවෙන් ද, සාදුකාර ධ්වනියෙන් ද, සියලූ දිගුන් දොඩමලූ කෙරමින් මිහිපල් තෙමේ සර්වාභරණයෙන් විභුෂිත වු රුන්සැක් ආදියෙන් සැදුම් ලද ප්‍රවර ශෝභා ඇති ඇතකු නැඟී නොයෙක් එකල්හි ඒ මහා මේඝය තෙමේ උත්සව ස්ථානයෙන් බැහැර වැසි දහරින් ගංවතුර ඇත්තේ හැම තැන්හි වැව් පුරවමින් යටකී පරිදි පොළොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු රජු සමයේ පැවති ඇසළ පෙරහැර මංගල්ලය අනුරපුර පැවති ඇසළ පෙරහැර මංගල්ලයටත් වඩා විචිතක්‍රව පැවැත් වූ බව මැනවින් ස්ථුට වේ. 

Kandy Esala Perahera (Photo credits: Charith Gunarathna)
Kandy Esala Perahera (Photo credits: Charith Gunarathna)

එම විස්තරයට අනුව සියලු ආභරණයන්ගෙන් සැරසුණු වීණා, වස් කුළල්, මෘදංග භේරීගත් ජනයා ද මහත් රූප ශෝභාවෙන් යුතු වූ නෘත්‍ය ගීත වාදනාදියෙන් පූජා කෙරමින්, ජත්‍ර, චාමර, ධජ පතකාදිය රැුගෙන යන්නන් ද, ඇත්තු ද, අශ්වයෝ ද ගමන් කළෝය. රජු විසිතුරු ආභරණයෙන් සැරසී ඇතු පිට නැගී ගමන් කළේය. වැව් පිරී යන තරමට වර්ෂාව ද පතිත විය. දඹදෙණි රාජධානියෙහි දෙවන පරාක්‍රමබාහු රජු දවස ද මේ හා සමව පෙරහැර පැවති අයුරු වංශකතාවන්ගෙන් හෙළිවේ. එහිදී තෙමසක් පුරා උත්සව පැවැත්වු බව ද කියවේ. දළදා වහන්සේ වැඩ සිටි සෑම රාජධානියකම පාහේ ඇසළ පෙරහැර පැවැත් වූ බව සිතා ගත හැකිය.

READ MORE:  ඇසළ පුන් පොහොය දිනයේ ඇති ශාසනික වැදගත්කම

ඒ අනුව යාපහුව රාජධානියේ ද ඇසළ පෙරහැර අලි ඇතුන් විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් කොඩි සේසත් චාමර සහිතව වීදි සංචාරය කළ බව කියවේ. කුරුණෑගල යුගයෙහි සිව්වන පරාක්‍රමබාහු රජු දවස නගරය දෙවිපුරයක් සේ සරහා උතුරුඵමුඵ අයතැන් සිටිතැන් ගණවැසි කිලිං දෙකුලයෙන් නිස්සන් සම`ග වැඩහුන් කරඩුව ගඳකිලියෙන් මෑත් කොට විසිතුරු කොට සරහන ලද රථයෙහි භද්‍රාසනයට වඩා ගණවැසි කිලිං දෙකුලයෙන් දෙන්නකු කරව වඩා යන ලෙස රථයට නැගෙනුව ඉසා, සුබ ලකුණෙන් යුත් මහා ඇතකු රථයෙහි යොදා ඒ රථය පළමු කොට සුපිළිපන් මහ සඟන පිළිවෙලින් රථයෙහි බඳ පිරිත් හුය ගෙන පිරිත් කෙරෙමින් වඩනාව ඉසා දොරනා වැසි කුලයෙන් නිසි එකකු ලවා රිදී කටාරයෙන් නුවර පිරිත් පැන් ඉස්වනුව ඉසා, රථයෙහි දෙපස සිට චාමර හා සේසත් කරනුව ඉසා, දළදාගෙහි ධුරය හා විජ්ජතුන් රථය ගාවා ඉදිරියෙන් යනුව ඉසා, යනුවෙන් දළදා සිරිත නමැති පොතෙහි සඳහන් ව්‍යවස්ථාවන්ට අනුව එවකට පෙරහැර පැවති ආකාරය දත හැකිය. දළදා සිරිතෙහි එන චාරිත්‍ර බොහෝමයක් අඛණ්ඩව අද දක්වාත් පැවතගෙන එයි. 

කුරුණෑගල රාජධානියේ සිට ගඟසිරිපුර රාජධානියටත්, එතැන් සිට කෝට්ටේ රාජධානියටත්, ඉන් අනතුරුව සිතාවක රාජධානියේ දෙල්ගමුව රජමහා විහාරයටත්, දළදා වහන්සේ වැඩමවු බව වංශකතාවල සඳහන් වේ. එකි රාජධානින් තුළ ද චිරාගත සාම්ප්‍රදායානුකුලව ඇසළ පෙරහැර මංගල්ලය පැවැත්වු බව අනාවරණය වේ.1592 පළමු වන විමලධර්මසුරිය රජු දවස ශ්‍රී දළදා වහන්සේ සෙංකඩගල පුර රාජධානියට වැඩම වීමෙන් අනතුරුව ද ඇසළ පෙරහැර මංගල්ලය පවත්වාගෙන ආ බව සලකා ගත හැකිය. මහනුවර යුගයෙහි දෙවන රාජසිංහ රජු දවස සිරකරුවකුව සිටි රොබට් නොක්ස් දුටු පෙරහැරේ ඉදිරියෙන් කපුරාල කෙනෙකු පට පිළියෙන් ඔතා සරසන ලද ලීයක් කරතබා ගෙන මුඛවාඩම් බැද හස්තියකු පිට නැගි වීදි සංචාරය කොට ඇති බවත්, ජනතාව එයට පුද සත්කාර කළ බවත්, විස්තර වේ. ඇත්තු 40 ක් පමණ ද, බෙර දවුල් තම්මැට්ටම් වයන්නවුන් දල නැට්ටුවෝ ද, මේ පෙරහැරේ ගමන් කළහ. ඔහුගේ විස්තරයට අනුව එම පෙරහැර දෙවියන්ට කැපවූවක් බව පෙනේ. මෙම කාලපරිච්ෙඡ්දය වන විට ඇසළ පෙරහැර දේවියන්ට පුජෝපහාරය පිණිස පැවති සිව්මහා දේවාලයේ පෙරහැර වශයෙන් පැවැත්වුන බව අණාවරනය වේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි.ව 1747 – 1781) දවස ක්‍රි.ව 1753 දී දළදා පෙරහැර පෙරටු කොට නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි සිව් මහා දේවාලය අනුපිළවෙලට ගමන් ගන්නා ආකාරයට ඇසළ පෙරහැර මංගල්ලය පැවැත්වීම ආරම්භ විය. එතැන් සිට අද දක්වාම මෙම පෙරහැර මංගල්ලය චිරාගත සම්ප්‍රදායානුකුලව ශ්‍රී දළදා මාලිගාව පෙරටුකොට පැවැත්වේ.

READ MORE:  නැදුන්ගමුවේ රාජා හදිසියේම රෝගී වෙයි

ජෝන් ඬේව් හා වෙල්ලස්සේ දිසාව දුටු පෙරහැර විස්තරයේ සඳහන් වන පරිදි නගරය දෙව්පුරයක් සේ සරසා තිබුණි. ඒ ඒ නිලයන් හදුනාගැනීම සඳහා අදාල කොඩි සහිතව ද, ඇතුන් අසුන් ගණනාවක් ද, විවිධ කොඩි චාමර දරන්නෝ ද, රජයේ නිලධාරිහු ද, කඩු ගත්තෝ ද, පලස් දරන්නෝ ද, හෙල්ල දරන්නෝ ද, කොඩි කස්තාන දරන්නෝ ද, විදේශිකයෝ ද, නොයෙක් භාෂාවන්හි නිපුණයෝ ද, ශිල්පීහු ද, ස්ත්‍රීහු ද, ගමන් කළහ. අනතුරුව මහා ජනයා ද ගමන් ගත්හ. මෙම පෙරහැරේ රජතුමා ද මහත් තේජසින් ගමන් ගත්තේය. මෙසේ පෙරහැර නගරය ප්‍රදක්ෂිණා කළ අතර ධාතු කරඬුව සරසා මල්වැසි වැස්සවීය. රජු පත්තිරිප්පුවට පැමිණෙන තුරු රදලවරු හමුදා නිලධාරිහු හා සෙසු නිලධාරීහු තමනට ඇති උසස්ම ඇඳුමින් සැරසී තමන්ට වෙන්වූ කොඩිය ද රැගෙන සිටිති. රිදී යෂ්ටිය රැගත් අදිකාරම්වරු දෙදෙනා ද, අංකුසය අතින් ගත් ගජනායක නිලමේ ද පැමිණිමෙන් අනතුරුව, රජු පත්තිරිප්පුවේ පෙනී සිටිත්ම ප්‍රසස්ති ගායනා ආරම්භ විය. රජු මහදිකාරම අමතා ඒ ඒ දිශාවල අය පෙළ ගැසී සිටින්නේදැයි විමසයි. අදිකාරම්වරයා ඒ වග දැන්වු පසු රජුගේ නියමයෙන් පෙරහැර ආරම්භ වේ. වෙල්ලස්සේ දිසාව හා ජෝන් ඬේව් දුටු පෙරහැරේ අනුපිළිවෙල මෙසේ වු බව මුලාශ්‍රයන්හි දැක්වේ.

Source: Dalandamaligawa.lk