කොළඹ කුණු: අභියාචනාධිකරණයෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවට නියෝගයක්

Local

කොළඹ නගර සීමාවේ එක්රැස් වන කසළ බාධාවකින් තොරව අරුවක්කාලු අංගනයට බැහැර කිරීමට අවශ්‍ය විධි විධාන සලසන්නැයි, අභියාචනාධිකරණය අද නියෝගයක් කළ බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, කොළඹ මහ නගර සභාව කළ කරුණු දැක්වීමක් මත එම නියෝගය නිකුත් කළ බව ය.

ඒ අනුව අදාළ කසළ බාධාවකින් තොරව බැහැර කිරීමට අවස්ථාව සලසා දෙන්නැයි වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාට සහ සභාපතිවරයාට අභියාචනාධිකරණය නියෝග කළ බව ඔහු සඳහන් කළේ ය.


READ MORE:  මත්ද්‍රව්‍ය විරෝධි සටනේ දී රටේ ජනතාව සියයට 90ක් තමා සමඟ සිටින බව ජනපති පවසයි