2019 ක්රිකට් ලෝක ශුරයන් එංගලන්තය ද නවසීලන්තය ද ?
සති 6ක් පුරා පැවති තරඟ 47කින් අනතුරුව2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙයි.
එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී මෙම තරගය පැවැත්වෙන්නේ සත්කාරක එංගලන්තය සහ නවසීලන්ත කණ්ඩායම් අතරයි.
වසර 44ක් පුරාවට ක්රිකට් ලෝක කුසලානයක් දිනා ගැනීමට නොහැකිවූ එංගලන්තය ඔයින් මෝගනිගේ නායකත්වය යටතේ ද නවසිලන්ත පිල කෙන් විලියම්සන්ගේ නායකත්වය යටතේද අද දින තරඟ වැදීමට නියමිතය.
මේ වන විට 2019 ලෝක කුසලානයේ එංගලත්ය මුහුණ දුන් තරඟ 5න් තුනක් ජයගෙනද, නවසීලන්තය තමන් මුහුන දුන් තරාඟ 5න් 2කක් ජයගෙන ඇත.
එසේම මේ වන විට අවසන් මහ තරගයේ සියලුම ටිකට් පත් විකිණී අවසන් වීම හේතුවෙන් සංවිධායකයන් දැඩි අර්බුදයකට පත්ව සිටිති. ඊට හේතු වන්නේ ඉන්දීය කණ්ඩායම අවසන් මහ තරගයට පිවිසේ යැයි බලාපොරොත්තු තබාගෙන සිටි ඉන්දීය ප්රේක්ෂකයෝ අවසන් මහා තරඟයේ ප්රවේශ පත්ර වැඩි ප්රමාණයක් වේලාසනින් මිලට ගෙන තිබීමයි.
ඉන්දීය පිල අවසන් පූර්ව තරගයෙන් පරාජය වීමත් සමඟ අති විශාල මිල ගණන්වලට ඉන්දීය ප්රේක්ෂකයන් විසින් අවසන් තරගයේ ටිකට් පත් විකුණා දමමින් සිටින බවද වාර්තා වෙයි.