පාස්කු ප්‍රහාරය ගැන සාක්ෂි දෙන්න අගමැති අගෝස්තු 06 විශේෂ කාරක සභාව හමුවට

Local

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන අගෝස්තු 06 වැනිදා සාක්ෂි ලබා දීමට නියමිත බව එම කාරක සභාවේ නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයාට අමතරව, එදිනට තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද සාක්ෂි විමසීම සඳහා කැඳවීමට නියමිතයි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාත් කැබිනට් අමාත්‍යවරුන් වන සාගල රත්නායක හා රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ද එදිනම සාක්ෂි විමසීම සඳහා කැඳවන බව එම කාරක සභාවේ නියෝජිතයෙකු සඳහන් කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මේ වන විට පාර්ශ්ව රැසකින් සාක්ෂි විමසීම සිදුකර තිබෙන අතර එහි අවසන් වාර්තාව ලබන මස අවසානයට පෙර ඉදිරිපත් කිරීමට නියමිතයි.


READ MORE:  පාස්කු ඉරිදා ප්‍රහාරය: රජය නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීමෙන් රට තුළ යළි අවදානමක්