ලෝක කුසලාන අවසන් මහා තරගයේ අවසන් පන්දුවාරයේදී යම් වැරැද්දක් සිදු වී තිබෙන බව කුමාර ධර්මසේන පවසයි
ලෝක කුසලාන අවසන් මහා තරගයේ අවසන් පන්දුවාරයේදී ලකුණු හයක් ලබා දුන් අවස්ථාවේ යම් වැරැද්දක් සිදු වී තිබෙන බව පසුව නිරීක්‍ෂණයේදී පෙනී යන බව එම තරගය විනිශ්චය කරන ලද ශ්‍රී ලංකාවේ කුමාර ධර්මසේන මහතා පවසයි.
නමුත් එම අවස්ථාව තෙවැනි විනිසුරුට යොමු කිරීම සඳහා අවස්ථාවක් නැති බවද ඔහු සඳහන් කරයි.
එම අවස්ථාවේදී තමන් සහාය විනිසුරුවාගෙන්ද මේ ගැන විමසූ බවත් තමන් දෙදෙනාටම පෙනී ගියේ පන්දු රකින්නා පන්දුව යොමු කරද්දී පිතිකරුවා දෙවැනි ලකුණ සම්පූර්ණ සිටි බවක් නිසා අතිරේක ලකුණු 04ක්ද සහිතව ලකුණු 06ක් ලබා දුන් බවත් ධර්මසේන මහතා කියයි.
කෙසේ වෙතත් එකවර එම සියළු අවස්ථාවන් බලා සිටීම සඳහා තමනට ඇස් 06ක් නැති බව ද ධර්මසේන මහතා සඳහන් කරයි.
තමන් විනිශ්චයකරුවෙකු ලෙස වැරදි අඩුවෙන්ම කරනු නිසා ලෝකයේ අංක 01 විනිසුරු ලෙස නම් කර සිටින බවද සඳහන් කරන ධර්මසේන ඇතැමුන් මෙම සිදුවීම ලොකු කරන්න දරන උත්සාහය දෙස බැලීමේදී කණගාටුවක් දැනෙන බව ද සඳහන් කළේය.
ධර්මසේන මහතා විසින් ලබා දුන් එම තීන්දුව නිසා නවසීලන්තයට ලෝක කුසලාන ජයග‍්‍රහණය ගිලිහී ගිය බව ලොව ක‍්‍රිකට් ප‍්‍රවීණයන් චෝදනා කරති.
2012 සහ 2018 වසර වල ලොව හොඳම තරඟ විනිසුරුවා ලෙස ජත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මගින් තෝරගත් කුමර ධර්මසේන මහතා, 1996 ලෝක ක්‍රිකට් කුසලානය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකි.