ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පඩිය ලක්‍ෂ 79යි.. තරග දිනීම 35%යි…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලුම පුහුණුකරුවන් මීළඟ නවසීලන්ත සංචාරයට පෙර ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ක‍්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විසින් කරන ලද දැනුම්දීමක් අනුව මෙම තීන්දුව ගෙන ඇත. එම තීරණයට ඉකුත්දා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුවේද අනුමැතිය හිමි වුණා.
මේ අතර කොළඹ පැවති උත්සවයක් අමතමින් ක්‍රීඩා ඇමතිවරයා කියා සිටියේ වත්මන් ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ රුපියල් ලක්ෂ 79ක මාසික වැටුපක් ලබා ගන්නා බවයි.
නමුත් ඔහුගේ තරඟ දිනවීමේ ප‍්‍රතිශතය 35% ක් බව ද ඔහු සඳහන් කළේ ය.
පුහුණුකරුවන්ටද ලබාදිය යුත්තේ ක්‍රීඩකයන්ට තරග දිනන ප්‍රමාණය අනුවලබා දෙන ආකාරයේ දීමනාවක් බව ද ඇමැතිවරයා කීය.
මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධුරයට ඉල්ලුම්පත් ගණනාවක් ලැබී ඇති බවත්, ඔවුන් ලෝකයේ ඉහළම ගණයේ පුහුණුකරුවන් බවත් කී එහි වැඩිම ඉල්ලුම ඇත්තේ ඩොලර් 25,000 ක් බව ද කියා සිටියේය.
මේ අතර චන්දික හතුරුසිංහ නැවත වරක් බංග්ලාදේශ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස යළි එක්වනු ඇති බවටද වාර්තා පළ වනවා.